HEART A TREE

(ඉදිරි පියසටහනක තවත් පියවරක්..)


ඉදිරි පියසටහනක තවත් පියවරක්☘️🤩

එදා අපේ මුතුන්මිත්තෝ පැල සිටෙව්වේ ඉතා සතුටිනි. ඒ වගේ ම ඉතා ම භක්තියෙනි. ඒවායින් ඵල ප්‍රයෝජන ඔවුන් ලබා ගන්නවාට වඩා ඔවුන් බලාපොරොත්තු වූයේ මතු පරපුර එයින් ඵල නෙලා ගැනීම ය. ඔවුන්ගේ යුතුකම් ඔවුන් ඉහටත් උඩින් ඉටු කළෝ ය. එම ඵලවල ප්‍රයෝජන ලැබුවෝ අනාගත පරපුර යි. නමුත් අවාසනාවන්ත ලෙස මුදලට වහල් වී ආත්මාර්ථකාමී මිනිසුන් විසින් ගස් කපා, කප්පාදු කිරීම නිසා අද මේ පුංචි රට කම්පා වී ඇත.

ගෝලීය උණුසුම වැඩි වීම තුළින් සිදු වන දේශගුණ විපර්යාස හා ඒ හා බැඳුණු  ස්‌වාභාවික ව්‍යසන මඟින් මේ මිහිතලය විනාශ වීම වළක්‌වා ගැනීම පිණිස උණුසුම ඉහළ යෑමට බලපාන හරිතාගාර වායු ප්‍රමාණය අඩු කිරීම මානව පැවැත්ම සහතික කිරීම සඳහා වූ එක ම හා වැදගත් ම සාධකය වේ. මෙලෙස මිහිතලය මානව හා සත්ත්ව ප්‍රජාවේ පැවැත්ම තහවුරු කරනු වස්‌ ගෝලීය උණුසුම තවදුරටත් ඉහළ යැම වැළැක්‌වීම සඳහා වූ කාර්යභාරය සංකේතවත් කරනු පිණිස අප පෙල ගැසිය යුතු ය. මෙම ඛේදජනක තත්ත්වයන් වැළැක්වීමට හැකි සෑම පියවරක් ම ගත යුතු ය. එසේ නම් අප කළ යුත්තේ කුමක් ද? 
ගසක් කැපීමට පෙර දෙවරක් සිතන්න. එක ගසක් අද කැපුවහොත් ඒ වෙනුවෙන් අඩු ම තරමේ ගස් 10ක් වත් අද ම පැල කරන්න. එවිට තව අවුරුදු 15-20ක් යන විට, එම පැල වැඩී එදා කැපූ ගසේ අඩුව මකනු ඇත. හරිතවත් දේශයක් ගොඩ නගමු.

ඉතිං, මේ කර්තව්‍ය වෙනුවෙන් ආදර්ශයක් සපයනු වස් ඔබත් දම්වැලක එක් පුරුකක් වීමට නම්  පැලයක් සිටුවා එහි පින්තූරයක් අප වෙත පහත දක්වා ඇති දුරකතන අංකවලට WhatsApp හරහා එවා ඔබේ වගකීම ඉටු කරන්න. ❤️

ලියෝ හස්නි - 070 391 0488
ලියෝ සසන්ත - 077 839 7967

<<<Previous Post                    <<All>>           Awareness Program 1 >>>

No comments:

Post a Comment

    HEART A TREE The end of the project " Heart a tree"   Heart a tree project organized by the Sustainable Development and Intern...