HEART A TREE

(හරිත නගරයකට ඇරයුම්..)

හරිත නගරයකට ඇරයුම් 🏢🌴🏢🌴🏢🌴🏢🌴🏢🌴


ඵලදායී නාගරික ගස් සිටුවීමේ ක්‍රම මගින් නාගරික පරිසරය තුළ ගස් සිටුවීම සම්බන්ධ සියලු ගැටළුවලට විසඳුම් ලබා දේ. නාගරික ප්‍රදේශ තුළ ගස් සිටුවීමේ වාසි වන්නේ ඒවා වාතය සිසිල් කිරීම, නාගරික දූෂක පෙරීම, දේපල වටිනාකම වැඩි කිරීම සහ නාගරික ජෛව විවිධත්වය වැඩි කිරීම යි. වඩාත් ම වැදගත් දෙය වන්නේ නගරබද ගස් සිටුවීම  මානසික ආතතිය අඩු කරන අතර ම මානසික හා ශාරීරික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම යි. පවත්නා සහ නව උපයෝගිතා ඒකාබද්ධ කරන අතර ම නිවැරදි මූල වර්ධන ධාරිතාව, වැසි ජලය කළමනාකරණය සහ අධික  වාහන තදබදය කළමනාකරණය කිරීම. විශේෂයෙන් නාගරික පරිසරය තුළ ගස් විශාල, සෞඛ්‍ය සම්පන්න, පරිණත හා ක්‍රියාකාරී ගස් බවට පත්වීමට නම්, වලවල් හාරා ඒවා සිටුවීමට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. හොඳින් වැඩෙන ගසකට, අනාගතයේ දී එහි වර්ධනය වන වියනේ ප්‍රමාණය අනුව  නිවැරදි පාංශු පරිමාවක් අත්‍යවශ්‍ය වේ.  ගසේ වියන් ප්‍රමාණයේ වැඩි වීම මත එහි අගය ද වැඩි වේ.කෙසේ වෙතත්, ගස් හා නාගරික වනාන්තරවලට අපගේ නගර හරිත, සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතිමත් ස්ථානයක් බවට පත් කළ හැකි ය.

Effective urban tree planting systems address all issues concerning the planting of trees in the urban environment. Benefits of urban trees are they cool the air, filter urban pollutants, increase property value, increase urban biodiversity. Most importantly trees in cities boost the mental  and physical health while lowering the stress. The right root growth capacity, stormwater management and managing heavy traffic loads while integrating existing and new utilities. For trees to grow into big, healthy, mature and functional trees it takes a lot more than digging holes and just planting them, especially in the urban environment.  Functional trees specify the right soil volume according to the required growing space of the future tree’s canopy size. Higher the canopy, higher the value. However, trees and urban forests can make our cities greener, healthier and happier place to live.

<<<Previous Post                            <<All>>                         Next Post >>>

No comments:

Post a Comment

    HEART A TREE The end of the project " Heart a tree"   Heart a tree project organized by the Sustainable Development and Intern...