HEART A TREE
නිරතුරු සිටවමු තුරුලිය – රැකගමු සැමගේ ජිවය
විශ්වපාරමී තරුණ ජවය – තැන තැන ඉන්දමු තුරුලිය
වන සංහාරයට ගස් සිටවීම විසඳුමක් නො වේ. එහෙත් දිනෙන් දින සංවර්ධනය වන රටක, නගරයක හරිත මූලික වටපිටාවක් පවත්වා ගැනීමට නම් අප ගස් සිටුවීමට වැදගත් තැනක් දිය යුත්තේ ඇයි යන්න ගැන මුලින් සොයා බැලිය යුතු ය. අද ලෝකයේ බහුලව කතා කෙරෙන ‘කාබන් විමෝචනය’ අඩු කිරීමට ගස් වැවීම වැදගත් වේ’ යයි එකවර පෙනෙන මුත්, ලංකාව විෂයේ ඊට වඩා කාර්ය භාරයක්, ගස් සිටුවීමෙන් සිදුවේ. මානසිකව සහ ශාරීරිකව පරිසරය සමග සිදු කෙරෙන ගනුදෙනුව ඉන් ප්‍රධාන ය. එමෙන් ම හරිත සංකල්පයේ මූලික පරමාර්ථයක් වන නිවසේ සහ වටපිටාවේ සතු ගස් රැක ගැනීම සහ අලුත් ගස් රෝපණය කිරීම මෙහි දී මතක් කිරීම වැදගත් ය.

No comments:
Post a Comment