HEAL THE MIND

(What causes depression?)


මානසික අවපීඩනයට හේතුන් මොනවාද? 🤔

මානසික අවපීඩන තත්වයට හේතුපාදක වන නිශ්චිත තනි හේතු සාධකයක් නොමැත. මේ සදහා බලපානු ලබන හේතුසාධක රැසක් හදුනාගත හැකි ය. ඒ කුමන හෝ හේතුවක් නිසා යම් කෙනෙක් දිගුකාලීනව පීඩාවට ලක් වන්නේ නම් ඔහු නොදැනුවත්වම මෙම මානසික අවපීඩන රෝගී තත්ත්වයට ගොදුරුවිය හැකි ය. 

ප්‍රධාන වශයෙන්ම අධික කාර්ය බහුලත්වය, සමීපතමයන්ගේ වියෝවීම්, රැකියාව අහිමි වීම, සමාජයේ අපකීර්තියට පත් වීම හෝ දිගුකාලීනව පීඩා විදින විවිධ රෝග තත්ත්වයන් ද මේ සදහා හේතු විය හැකි ය. 💆🏻‍♂️💆🏻‍♀️

මෙහිදී බොහෝ විට විවිධ හේතූන් කිහිපයක් එක්ව මානසික අවපීඩන තත්වයක් ඇති විය හැකි ය. උදාහරණයක් ලෙස ඔබට යම් අසනීප තත්ත්වයක් ඇති වී තිබෙන විටෙක ඔබ යම් කලකිරීම් සහගත තත්ත්වයකට පත් වී ඇතැයි සිතමු. ඒත් සමගම ඔබට පවුලේ සමීපතමයෙකුගේ වියෝවක් වැනි පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වුවහොත් මානසික අවපීඩන තත්වයකට ගොදුරු විය හැකිය. 

බොහෝ විට ජීවිතයේ කඩා වැටීම් සිදු වන අවස්ථාවන් මෙම මානසික අවපීඩන තත්වයන් ඇති වීමට හේතු වන බව බොහෝ දෙනාගේ මතයයි.🙇🏻‍♂️


What causes depression? 🤔

There are several causes for depression. Whatever the reason is,  if it constantly bothers your mind,  you might get depression. 

Similarly, busy lifestyle,  deprivation of loved ones or occupation, social stigma or long-term illnesses can cause depression and it can be more than one reason. As an example,  when someone is restless because of a long lasting illness, a death of a loved one happens and then that person is vulnerable to depression. However. As experts say,  life challenges and failures are more common reasons for this.🙇🏻‍♂️

<<<Previous Post                            <<All>>                         Next Post >>>

No comments:

Post a Comment

    HEART A TREE The end of the project " Heart a tree"   Heart a tree project organized by the Sustainable Development and Intern...