HEAL THE MIND

(Problems associated with depression?)


මානසික අවපීඩනය නිසා ඇතිවන ගැටලු 🙇🏻‍♂️💆🏻‍♀️


මානසික අවපීඩනය නිසා විවිධ ගැටලු රැසක් ඇති වේ. මෙම මානසික අවපීඩනය සහිත පුද්ගලයන්ට ශෝකය, සාංකාව, හිස් බව, තනි වූ බව, බලාපොරොත්තු විරහිත බව, වරදකාරී බව, නොරිස්සුම් සහගත බව මෙන්ම අවිවේකී බව යනාදී හැගීම් ඇති වීමට වැඩි ඉඩකඩක් තිබේ. එසේම තමන් කලෙකදී ඉතා කැමැත්තෙන් හා සතුටින් සිදු කළ ක්‍රියාකාරකම්වලට ඇති උනන්දුව අඩු වී යාමද මෙහිදී සිදු විය හැක. කුසගින්න අඩු වීම හෝ අධික ලෙස ආහාර ගැනීමට පෙළඹීම මෙන්ම මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට අසීරු වීම, කරුණු සිහිපත් කිරීමේ හෝ තීරණ ගැනීමේ ආහසුතාව මෙන්ම අධික විඩාවක් දැනීම ආදී ගැටලු මෙහිදී ඇති වේ. මේ හේතුවෙන් තමන්ගේ එදිනෙදා කටයුතු නිසියාකාරව පවත්වා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් ඇති විය හැකිය. එහිදී අවසානයේ පුද්ගලයා සියදිවි නසා ගැනීමට පවා පෙළඹීමට මෙහිදී ඉඩ ප්‍රස්ථාව තිබේ. 

Problems associated with depression? 🙇🏻‍♂️🧏🏼‍♀️


Depression can cause many problems. People with depression are more likely to experience feelings of sadness, anxiety, emptiness, loneliness, hopelessness, guilt, resentment and restlessness. It can also lead to loss of interest in the activities that they once enjoyed. Loss of appetite or overeating, difficulty in maintaining mental concentration, difficulty in remembering or decision making and also fatigue are the major problems associated with depression. This can lead to decreased hunger or the tendency to overeat, difficulty in maintaining mental concentration and even being unable to maintain their daily routine due to memorizing or decision making problems .There is a possibility that the person may even be tempted to commit suicide in the end.

<<<Previous Post                            <<All>>                         Next Post >>>


No comments:

Post a Comment

    HEART A TREE The end of the project " Heart a tree"   Heart a tree project organized by the Sustainable Development and Intern...