එහිදී මූලිකවම අප අවධානය යොමු කල කරුණක් වනුයේ රටෙහි පවතින වසංගත තත්ත්වය හමුවේ සාමාන්‍ය පෙළ විභාගය සදහා මුහුණ දෙන අපේම සහෝදර සහෝදරියන්ට පවතින ගැටළු නිරාකරණය කිරිමට අපට හැකි පමණින් උපරිම සහයෝගයක් ලබා දීමට කටයුතු කිරිමයි. ඊට අමතරව අප අවධානය යොමු කරමින් ළගා කරගැනීමට උත්සහා කල ඉලක්කයන් වනුයේ දිවයින පුරා සිටින අප හා සම්බන්ධ වූ සියලුම සිසු සිසුවියන්ට,
- විෂය නිර්දේශය ආවරණය කර ගැනිමට සහයක් විම.
- අවශ්‍ය විෂය කරුණු පිලිබද දැනුම Zoom මාධ්‍ය හරහා ලබාදීම.
- ඔවුන්ට පවතින විෂ්‍යානුබද්ධ ගැටළු සාකච්ඡා කිරිම.
මෙහිදි අප විසින් සංවිධානය කල විෂයානුබද්ධ ක්‍රියාකාරකම් 2021 පෙබරවාරි මස ආරම්භයේ සිට මාසය පුරාවට පවත්වනු ලැබීය. ඒ අතරතුර කාලවකවානුවේදි විභාගය සදහා පෙර පුහුණුවක් වශයෙන් Online papers ලබාදිම, පාඩම් කිරීමේ සහ මතක තබාගැනීමේ කෙටි ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම, සහ අවසන් සතියේදී විෂයන් හා සම්බන්ධ සම්මන්ත්‍රණ මාර්ගගතව පැවැත්වීම සිදුකල අතර සාමාන්‍ය පෙළ සිසු සිසුවියන්ට ඔවුන්ගේ මානසික පීඩන තත්ත්වයන් අවම කර ගැනිම සදහා විවිධ වැඩසටහන් පවත්වා ඒ හරහා තවදුරටත් ඔවුනට සහයක් විමට කරනු ලැබීය. සියලුම සිසු සිසුවියන්ට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම වෙනුවෙන් ඔවුන්ට විශාල සහයෝගයක් හැකි උපරිමයෙන් ලබා දීම අපි මෙම ව්‍යාපෘතිය හරහා ලගා කරගැනීමට උත්සහා කල මූලික අරමුණයි.

No comments:
Post a Comment